සරා සඳ මැද වලා දහසක
ගොතා වියමන් තරු රටාවක
ආලවන්තම බාහු යුග මැද
ලඳක් සැතපේ සීහ ලෙන තුල
කණක කේසර - අඩවන් දෙනයන
ප්‍රේමාලිංගන විඳ විඳ...
ලෙන තුල මාලිග සුව නැති මුත් ලඳ
ඇයයි ප්‍රේමයේ ආදර අංකුර....
රුදුරු වනමැද- හිනැහි බැබලෙන
ඇගේ මුවමුතු දිලෙන සුකොමල
වසා යනු මැන සිරකර හද ලෙන
වගුරට ප්‍රේමිය සුප්පාදේවිය