ඉඩක් නෑ | Idak Na - Manoj Leon

විඳවනවා මේ හදවත මාගේ

අද මැරුණත් හෙට මැරුණත් වෙනසක් නෑනේ

හමුවෙන කාලේ මතු සංසාරේ

අපෙ හදවත් දෙක හිතවත් කරවමු ආයේ

ඉඩක් නෑ මෙලෝකේ එකට ජීවත්වෙන්න

කමක් නෑ පතන්නම් එකම තැන වැලලෙන්න..//


මේ හිස පිරිමැද්ද ඔය අතින්

අල්ලා තවකෙක් යන දිහා බලන්

පපුවේ ඔබෙ පින්තූරෙ තද කරන්

හැඬුවා කඳුලැල් හිඳෙන තුරු හිතින්

ඉඩක් නෑ මෙලෝකේ එකට ජීවත්වෙන්න

කමක් නෑ පතන්නම් එකම තැන වැලලෙන්න..//


මේ පණ අදිනා සුසුම් හදේ

ගැන මා දිවුරා පවසමී ලඳේ

මතකේ නැතිවී යන්න මට ඔබේ

මතකේ අමතක වෙන්න වෙයි මගේ

ඉඩක් නෑ මෙලෝකේ එකට ජීවත්වෙන්න

කමක් නෑ පතන්නම් එකම තැන වැලලෙන්න..//



Previous Next

نموذج الاتصال