නත්තල් ප්‍රියසාදේ | Naththal Priyasade - Dinakshie Saranga Sheshadrie Krishan Shanudrie

සාමයේ නත්තල් දිනේ 

මුළු ලොව සතුටින් ඉතිරේවා

ජීවිතේ හිස් තැන් පිරී

දුටු සුබ සිහිනය එළිවේවා

මිහිරෙන් ලොවක් අසවැද්දූ

කඳු ලැලි සිඳ බිඳ සිනා දෙතොලේ තැබූ

කලබල ලොවක් සන්සුන් වූ

ආදර සිතුවිලි හදක් පාසා ගැලූ

දැල්වුනා එක් රෑක සඳක් සිත්පහද  ලොවක් රැස් දහරා

ගය ගයා සෙත් ගීය ඟඟක් මෙන් දෝර ගලයි සිත් නහවා 

නිව නිවා දුක් ජාලා මැවෙත් සත් සාද වයත් තත් නාද සිත් ගත් ගී ගයලා - ලොව පුරා...

අම මී විතෙන් මන් මත් වූ සැමටම සුබසිරි ලොවක් අත්වේවා

සාමයේ නත්තල් දිනේ 

මුළු ලොව සතුටින් ඉතිරේවා

ජීවිතේ හිස් තැන් පිරී

දුටු සුබ සිහිනය එළිවේවා

සුරඟන ලොවක් හිත් බැන්දූ

මිහිපිට හැම ගෙම හිතේ හීනෙන් තැබූ

යා යුතු මඟත් හිත් ගත්තූ

මාවත ආදර මලින් සමිඳා සැදූ

දැල්වුනා එක් රෑක සඳක් සිත්පහද  ලොවක් රැස් දහරා

ගය ගයා සෙත් ගීය ඟඟක් මෙන් දෝර ගලයි සිත් නහවා 

නිව නිවා දුක් ජාලා මැවෙත් සත් සාද වයත් තත් නාද සිත් ගත් ගී ගයලා - ලොව පුරා...

අම මී විතෙන් මන් මත් වූ සැමටම සුබසිරි ලොවක් අත්වේවා!

Previous Next

نموذج الاتصال