සීත පිණි බිංදු මන්දාරමේ
ඔබේ රුවින් මත් වෙලා..
පාට මල් අතර සිත්තම් කලේ..
ඔබේ රුවයි හිතෙනවා..
දෙවියන් ද මට දුන්නේ මේ ආදරේ ..
පන වාගෙ මං රකිනවා..
දිව්‍යාංගනා ඔබ ද මේ විශ්වයෙ..
මගෙ වෙන්න මටමම මැවූ..
නෙත් බන්දනා රූපෙ හිමිකරු ඔබේ..
මම නේද මියෙනා තුරූ..
සංසාරයේ පුරුදු බැල්මෙන් නුරා..
මගේ හිතම සුවපත් කලා..
ඇහිබැම්ම දේදුන්න සේ පායලා ..
මගෙ හිත් අහසෙ ඔබ ඉන්නවා ..
දෙවියන් ද මට දුන්නේ මේ ආදරේ ..පන වාගෙ මං රකිනවා
හදවතෙහි ඉඩ තියෙන අස්සක් පුරා ..
ඔබේ රූපෙ මිහිදන් වෙලා...
වෑහෙද්දි සුදු පාට කම්මුල් පුරා ...
මනමාලයි ඔබේ පෙම් හිනා
දෙවියන් ද මට දුන්නේ මේ ආදරේ ...
පනවාගෙ මං රකිනවා ...