මට වැරදුනා | Mata Waraduna - Ajith Sanjeewa Perera

හැම සුසුමකම ඔබ මාගේ

නම ලිය ලියා....//

උන්නා කාටත් හොරා රහසේ

සුළගක් වෙලා තුරුලේ 

සුවදම වෙලා පපුවේ 

කදුළක් වෙලා දෑසේ

හසරල්ල වී මුවගේ

ජීවිතය වී ඔබගේ

සමාවෙන්න ..... මට වැරදුනා


මා නොපැතුවම හීනයක ඇත ගොළුවෙලා....

 

මට හිමිවෙච්ච හිත් පොඩ්ඩ අද  වෙන්වෙලා..

දැනුනා සෙනෙහස ඔබේ පපුවේ .

වින්දා ඔබේ ප්‍රේමේ

මනමාල හිත පතුලේ 

පැටලිච්ච දෑස් මානේ

තේරුනේ ඒ සෙනේ

අහිමි වී ගිය දිනයේ

සමාවෙන්න ...... මට වැරදුනා 


ඔබෙ අත අතැර තනි මගක දුර ආ නිසා...

මා හද වැලපුනා රහසේ

ගිනි ඇවිලුනා පපුවේ

හිත  පිච්චුනා මාගේ

නෙත් තෙත් උනා ආයේ

මා මියෙදුනා    

සමාවෙන්න මට වැරදුනා

Previous Next

نموذج الاتصال