එන්න රෑ සඳ | Enna Re Sanda - Manjula Dilrukshi

එන්න රෑ සඳ කුමරු වී නුඹ 

නින්ද නැති මගේ දෑසේ පැටලී

කන්ද පාමුල අරලියා හෙවනේ 

පෙති හැරී මල් සුවඳ විසිරී

හුදෙකලාවට තටු ලැබුණු අඳුරේ

තොල් තියා නුඹෙ මුව සිඹින්නම් මං....


අඳුර වහගෙන කවුළු අද්දර

හීන පුරනා ජීවිතේ 

මග හරින්නට එපා මොහොතක් 

ළඟම එයි මල් වසන්තේ

දුහුල් සළු තිර මෑත් කොට නුඹෙ 

ළය මඩලේ උණුහුමට ලංවී

හිත පිරෙයි මගේ .....


ගුගුරුවා ආකහේ තරු මල්

මැදියමට සඳ පෙරළුනා

අනේ හිත බැඳි පෙම්වතාණෙනි

රන්හුය බිඳී හිත පෑරුනා

අවාරෙට මල් නොපිපි තුරු ගැබ

සුයාමය සුව විඳි තුසිතයේ

හිත රිදෙයි මගේ....



Previous Next

نموذج الاتصال