ගලන ගඟ | Galana Ganga - Ravi Jay Ft Charitha Attalage

නීල දෑස හා දොඩවන්නම්

වල්ලු හඩට මම මත්වෙන්නම්

නීල වරල මා සිපගන්නම්

හීන මවා මට කතාකරන්


ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ

ඔබෙ රූ වරුනේ

කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ

ඔබෙ රූ වරුනේ



ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න

පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි

මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර

ඔයාගෙ ළපටි තඹර දෙකොපුල

තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍

ඇසට නොපෙනෙ පර්යාන්තෙක

සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක

බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්

කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල

මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද

ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා

වින්දා නැසෙන රූපයක සොබා

එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට

ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා


පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන

ඝන්ද කුටිය - භාවනා කරන්නාගේ ස්ථානය

සම්මාදිට්ඨිය - නිවැරැදි දැක්ම



Previous Next

نموذج الاتصال