හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම්
දමා කඩුක්කන් ඔටුනු නළල්පටි
කඩුව කරකවා සබයට එනහැටි
බලා හිඳින අඟනුන් සත්තයි
ආලේ බඳී රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පිය නසා රජකම අරගන්නෙමි
කියා එද්දී අද මං සත්තයි
ආලේ බඳී අඟනුන්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම්