නුඹ නා මෙනවි මම සැළලිහිණී
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැලණි නදී අසබඩ තුරෙහි
සැනහී හිඳිමින් ගිම් නිවමි
මනරම් නා මෙනවි
මේ ලවැලි තලේ
හිද මිණි වෙණ තත්
මැද රුවට රුවේ
ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා
විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි වුනේ
පෙර පවට මගේ