උණුහුමින් ගිලිහුණූ
මතකයේ අතීතේ නැවතුණූ
රිදුම වුණූ
සිතුවමින් වියැකුණූ
සිහිනයේ හදවතේ ගැවසුණූ
ඇසග තෙමූ
සසරේ සරා හසඟනාවී නුරා ඇසුරු පා
සයනේ නිශායාමයේදී මැවී බොඳ වෙනා
ලදිමී නුඹෙන් - මා හැඟුමන් සුපෙම්
නොමිදෙයි සිතෙන් - දුර නමුදූ මගෙන්
සරසා සිත අහසක් වගේ
සඳ හසකැන් නුඹේ මා සනසපූ
කිසිදා යලි නේනා යුගේ
මායාවියේ සෙවනැල්ල වූ
ලැමතුරේ නුඹ කෙරේ
නිම් නොවේ මේ සුසුම් උරුම වූ
දිවිය තුරූ
ඉටු නොවේ මේ භවේ
දහසකුත් ඒ පැතුම් මිලින වූ
නුඹෙන් ලැබූ
සසරේ සරා හසඟනාවී නුරා ඇසුරු පා
සයනේ නිශායාමයේදී මැවී බොඳ වෙනා