සිත් විනි ගොයම පූදනු සරු කාල දැක
විඳි මගෙ දුකට නව පදනම් පවුරු බැඳ
එකතු උනොත් පෑලක් තව මිහිකත ට
බක්මහ එළිය වනු නිසැකයි බිම්කඩ ට
වක්කඩ කඩා ඇළ දිය දොළ පාර වසා
වල් උදුරලා මුඩු බිම සඳ එළිය කලා
බිම් පෙරලලා නඟුලෙන් වැඩ ඉවර කලා
පින්සර කොකුන් රෑනින් වක්කඩ පිරිනා
වපුරා රකිමි බර වී බිජු ලැබෙන තුරා
හඬ ගා නොකිය මුත් නොදනි ද සතර දනා
දන් දී කඳින් කරලක් හිනැහෙන ගසමා
පස් වී පොහොර වෙයි කඳුලැල් පිස නෙතගා
සිත් විනි ගොයම පූදනු සරු කාල දැක
විඳි මගෙ දුකට නව පදනම් පවුරු බැඳ
එකතු උනොත් පෑලක් තව මිහිකත ට
බක්මහ එළිය වනු නිසැකයි බිම්කඩ ට