Mama Duppath kiyala - Dulara Madushanka | මම දුප්පත් කියලා

හිමි වී තිබෙනා සෙනෙහේ ඔබගේ අන්සතු උන හින්දා

මට උරුම තනියයි දිවි තුරා

අදටත් මනසේ ඔබගේ මතකේ නොවෙනස් වී රැදිලා

ඔබේ සුවද ජීවත් කරනවා 

මම දුප්පත් කියලා සරදම් කෙරුවත් ඔබ පෙරදා

මට විශ්වාසයි මම දවසක සතුටින් ඉන්නවා ඔබට වඩා // 


පුලුවන් කමක් ඇතිදෝ හිනහි ඉන්න මෙතරම්

ඇදහැලෙන කදුලැල් මාගේ දෙනෙතින් බලබලා

යන්තම් දුකක් නැතිදෝ ඇවිදින් තුරුලු කරමින්

සනසන්න  මොහොතක් බොලඳ දෙනුවන් පිසදමා

මම දුප්පත් කියලා සරදම් කෙරුවත් ඔබ පෙරදා

මට විශ්වාසයි මම දවසක සතුටින් ඉන්නවා ඔබට වඩා //


රිදුමන් කාරනාවෝ කෙරුවත් දහස් ගනනින්

හිත හෙව්වෙ හෙටත් ඔබව විතරයි පුනපුනා

අසලින් උන් සියල්ලො ඔබ කෝ කියන් වදනින්

අහන විට අදටත් මනස නොමැරි මැරෙනවා

මම දුප්පත් කියලා සරදම් කෙරුවත් ඔබ පෙරදා

මට විශ්වාසයි මම දවසක සතුටින් ඉන්නවා ඔබට වඩා //

Previous Next

نموذج الاتصال