මතකයි අම්මේ නුබේ ඇස් එදා වගෙම අදත් ලස්සනයි
නුබ මට රැජිනක් කව්රු කිව්වත් හැම විට නුඹ ඉස්සරයි
මාව හදන්න ඒ ගෙවපු අතීතේ කියාගන්න බැරි තරම් දුක්බරයි
ඒ විදපු දුකට දැන් මං ඉන්න තැන ගැන බැලුවම සුන්දරයි
වෙහෙසුනත් නෑ පෙන්නුවේ වෙහෙසක් උත්තර දුන්නේ සිනහවෙන්
වැරදි වලට දඩුවම් කරෙත් ආදරෙයි පෙන්නුවේ විරහවෙන්
පැරදුනු තැන් දැනෙන්න දුන්නේ නෑ හිටියා හයියට පිටුපසෙන්
වැන්දත් බුදුන් මම නුබයි අම්මේ මගේ දෙවියන් ලෝකෙම ගියපු දෙන්
ප්‍රශ්න මැද්දේ ඇයි ඇවිද්දා දහසක් අඩි
තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නේ නෑ අපිට ඉතිං
කරපු වැරදි වලට සමාව ඉල්ලන්නං ඉතිං
දුරස් වෙලා දැන් ගතිං ආර්ථික ප්‍රශ්න වෙලානේ වැඩි
හැඩි දැඩි උනත් ගතින් අම්මේ මම තාමත් නුඹේ පුතා කිරි කැටි
මතකයි නුඹ තනියෙන් අඩද්දි බැලුවා හොරෙන් එබිලා මන්
නෑදෑ හිතවත්තු කිව්වෙම දොස් අපිව මුර කෙරුවනේ ජීවිතේම දීලා දං
නුඹ අතිං හුරතල් කල පොඩි මං ඔව් යං
නුඹ කැමති තැනක එක්කන් යන්නම් අම්මේ මං
ජීවිතේ නෑ මට තනිකම දැනුනේ
අම්මේ නුඹේ ඇස් වලින් අනාගතේ දැක්කේ
අදුරක් නෑ නුඹ මට තරුවක්නේ
වැටිච්ච හැම කදුලකට මං ණයයිනේ
ජීවිතේ නෑ මට තනිකම දැනුනේ
අම්මේ නුඹේ ඇස් වලින් අනාගතේ දැක්කේ
අදුරක් නෑ නුඹ මට තරුවක්නේ
වැටිච්ච හැම කදුලකට මං ණයයිනේ
සැනසුවා නුඹ තිබ්බේ නෑ අපිට දුකක්
වැටෙන හැම තැන උනා රිටක්
අල්ලන් යන්න කියලා කිව්වා මගේ පුතේ උබ මට මහමෙරක්
ඒ කියපු වචන වල තිබ්බා ලොකු අර්ථයක්
එය තේරුමගියේ යද්දි කාලයක්
බැරිද ආපස්සට යන්න අම්මට වදින්න වාරයක්
මං පාහාරයෙක් ඇති වෙනකන් හෙලෙව්වා අම්මගේ දෑස් වල කදුලු
අපිට කන්න දීලා ඇය අවසානේ කෑවේ වලං වල තිබ්බ අඩිලු
ඔව් සිතුවේ ඇය අපිට ආදරේ නැතිලු
එය තේරැම්යද්දි ගොඩක් කල් ගත වෙලා පස්සට යන්න බැරිලු
වැරදි කෝණේ යන විට මට පෙන්නුවේ හරිම කෝණේ
උණුහුම දුන්නා හැමවිට මට හැදුනත් මොන රෝගේ
ඇතුලෙන් වින්ද හැමදේම පෙන්නුවේ නෑ පිටට ලොකේ
මේ අස්ථීර සමාජේ ස්ථීර ආදරේ පෙන්නුවේ නුඹයි රිසිසේ
පපු ගැහෙනවා හැදෙන විටදි අම්මේ නුඹට ලෙඩක්
මුලු ගෙදරම පාලුයි නුබට හැදුනම පොඩි ලෙඩත්
නුබ නැතිනම් මේ දරුවෝ කියන අපිට කොහෙද හෙටක්
එක පාරක් සිය පාරක් නෙවෙයි මම ආදරෙයි නුඹට දහස් වාරයක්
කාලයක් හිටියා මටත් හරියනකන් සලකන්න කල ගුණ
ජීවිතට් හදාගන්න නිසයි නුඹ කිව්වේ මට බණ
නුඹ නැතිනම් මේ අපිට කොහෙද ඉතුරුවෙන්නේ පන
ඒ නිසයි අම්මේ දෙවියන්ටත් උඩින් තිබ්බේ නම
ගලපන්නේ අම්මේ නුඹේ ආදරේ කරලා වචන වලට වහන්
නුඹ ඉද්දි මට මොකටද වටේ එළිය වෙන්න පහන්
නෑ කිසිම පාලුවක් නුඹ ඉද්දි තනිකම යන්නේ කඩන්
තව මොකටද බුදු පද අම්මේ නුඹ වෙන්න ඕන රහත්
ජීවිතේ නෑ මට තනිකම දැනුනේ
අම්මේ නුඹේ ඇස් වලින් අනාගතේ දැක්කේ
අදුරක් නෑ නුඹ මට තරුවක්නේ
වැටිච්ච හැම කදුලකට මං ණයයිනේ