Mara Minihek (මාර මිනිහෙක්) - Eshan Fernando ft. Saarah Nimalawardana

Male Rapper :


කොල්ලා නානප්‍රකාර ඒවා අඳිනෝ

පිරිසිදුයි දවසට වේල් තුනක් දත් මදිනෝ

බොන්න නම් බෑ වදිනෝ

මොන මරාලයක් මගේ පස්සෙන් ආවත් මම යන්නැ නඩු කන්න එකෙන්ම පස්සට අදිනෝ


මොනාද ඕනි 

දේපළ ඉඩකඩම් 

වතු යානවාහන හරක බාන

නෑනේ මං ගාව

එනවද දෝණී

හා කිව්වොත් එක්ක යන්න

හෙටම එනවා 

අම්මා පල්ලා මගේ නංගව


සැප නැ මං ගාව

කටු බං අම්බාන

පුදමු පළතුරු 

දෙයියන්ට ගම්බාර

මේ තමයි මගේ යාලුවන්ගේ

හොඳම එකා

සුදු දෝනි අඳුරගන්න

Black Mambawa


කියවනෝ වැඩි තමයි ඒත් ඉතින් මම කියවනෝ

දිය වෙනෝ පපු අපෙ උණුවෙන්න ඕන තැනදි ඒවා දිය වෙනෝ


නංගි ඉතින් මම කොහොමත් කියවනෝ

වැඩි තමයි ඒත් ඉතින් මම කියවනෝ

දියවෙනෝ පපු අපේ උණු වෙන්න ඕන තැනදී ඒවා දිය වෙනෝ


Female Rapper :


හා 

තමුසේ මාර මිනිහෙක් 

පාපිස්ස උඩම සපත්තු දෙක ගැලෙව්වා

හා නෑ 

සාරධර්ම කකා හිටිය චුයින්ගම් එක මේසේ ඇලෙව්වා

තමුසේ දන්නවද පස්සෙන් ආපු වුන්ගේ ඔලු අපේ අයියා පැලෙව්වා

ඒත් ඊයේ අම්මා මාව බලෙන් එක්කන් ගිහින් අපෙ නැකැත් බැලෙව්වා 


අනික මං independent කෙල්ලෙක් 

අහු වෙන්නෑ

පුවක් ගෙඩියක් වගේ පිරිමි ගිරේට

මට Sure නෑ එක කොල්ලෙක් 

ගමරාල Type නම් තමුසේ මරලා යනවා මම හිරේට


මාල වළලු අරුමෝසම් 

අත කන කර යානවාහන

ජාති ඕනේ නැහැනේ 

මගේ උපන් දිනේට 

බොළද නම් නෑ

මට ඕනේ නිදහසේ ඉන්න

ඔන්න කිව්වා ආයේ නරක 

ගෑනි කියන්නෙපා අන්තිමේට



Male Rapper : 


නංගි උත්සහවන්තයා දිනනවා

මට එනදේ මූනට කියනවා

හා නම් හා කියපන් 

බෑ නම් බෑ කියපන් 

හත්වලාමේ වැඩ තියෙනවා //


Female Rapper :


මට වංචා කරොත් නම් තමුසේ අනාතයි 

මාත් එක්ක හොදින් හිටියොතින් 

ජය සනාතයි

අද බලා ගන්න ඕන උනේ කෙනාවයි

මගෙ විදිය සෙට් නම් 

මගුලට මම මනාපයි 

මගුලට මනාපයි...


Previous Next

نموذج الاتصال