අමුතුම ප්‍රේමයක් | Amuthuma Premayak - Samitha Mudunkotuwa

ආදරනීයම ප්‍රේමේ පෙම්වතියයි මම නුබගේ

අදටත් පලමු ප්‍රේමමයි මගේ ඔයා

අතරමං උන පෙම් කතරේ තනි වෙලා මං සිහින අතරේ

මිරිගුවක් පස්සේ දුවමි මං සදා


අමුතුම ප්‍රේමයක් මේක

යලිත් නොලැබේවි කිසිදාක

මතක විතරයි ඉතිරි අපිට

අපි අපෙන් දැන් ඈතට වෙලා

මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා

නුබ එනකල් මග තාමත් බලනවා

මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා

නුබ එනතුරු මග තාමත් බලනවා


මේ ලැම තුරුලට මුහු වී

විදි සෙනෙහස අද සිහි වී

රහසින් හිද විදවාවි

මා ඔබ වෙනුවෙන් හිදිමි

අපි හමු වූ අපි වෙන් වු

වස්සානේ ප්‍රේමයේ

මා රිද වූ මා සැන සූ

එකම කෙනා නුබ වේ


අමුතුම ප්‍රේමයක් මේක //

Previous Next

نموذج الاتصال