100/100 - Smokio ft. SYKO

මම මගේ දේ කරනවා නොමැළි වීලා වීර්යයෙන් සීය යි සීයෙන් සීයයි සීයෙන්

මම මගේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් සීයයි සීයෙන් සීයයි සීයෙන්


ඔව් මං ආවා මාව දැක්කා ආශිර්වාද ලද්දා

SMOKA ගත්තා මාව ආත්මෙට භවත්‍රා

“SYKE!”

රඟද්දි මම ඔටුනු පළන්ඳන්

දිරවන්නේ නැති #රියෝ භූමිදානය කරන්නම්


ආස නෑ සත්තුන්ට මිනිස්සු වගේ රඟපාන

මං තමා #රියා ඒ තිරිසන්නුන් වළ දාන

පැටියා කාලේ ඉඳන් නෙත ගැටුනේ අපරාධ

දුකයි දකින්න මේවා ලාංකිකත්වේ මඩ ගාන


සුදුසු ඇසුරට නුසුදුසු මිනිස්සු ලං කරගත්ත එක අම්මේ වැරදියි

ඔව් ලොකු පුතා,

නෑ මේ ගේමේ නම් වෙන්නේ පැරදි‍

ඒත් කාටත් හොරා කලේ නෑ ආත්මේ මගේ වැරදි


ඉතාම දුර්ලභයි ඇතුලාන්තය දැක්ක අය,

කීපදෙනයි ඉන්නේ හරි සිහියෙන්, හරි සිහියෙන්!

මම සිහියෙන් ද අසිහියෙන් ද අහන්න එපා

සීයයි ලකුණු සීයෙන් මට

සීයයි ලකුණු සීයෙන්


CHORUS –


මම මගේ දේ කරනවා නොමැළි වීලා වීර්යයෙන් සීය යි සීයෙන් සීයයි සීයෙන්

මම මගේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් සීයයි සීයෙන් සීයයි සීයෙන්


මංමාවත්වාදී කලාකාමී ජීවේ

ආධ්‍යාත්මිකයි නැතත් ශීලේ

පාරාර්ථකාමී යාතාර්ථවාදී මිනිසෙක්

විභාග සියල්ල සමත් සීය යි සීයෙන්


උපන්නේ තනියෙන් උඩ ආවේ අඩියෙන්

උසස් ගතියෙන් උසස් රූපශ්‍රීයෙන්

අම්මා දුන්න වීර්යයෙන් තාත්තා දුන් අවියෙන්

අපායත් දිව්‍යලෝකෙට හැරෙවුවා මං ගීයෙන්

ජීවිතේ කතාව මම ලියුවා කවියෙන්

ජීවිතේ කලාව කරන් ජීවත් වුනා හීනේ

ජීවිතේට පාඩම් ගත්තා සිහියෙන් හෝ අසිහියෙන්

ජීවිතේ මං පාදා ගත්තා සිහියෙන් හෝ අසිහියෙන්


ඕන දේවල් ගත්තා හොඳම හරියෙන්

හොඳටම හොඳ නැති “හොඳම” චරිතේ

හොඳින් හෝ නරකින් කලේ කොතනත් හරි දේ

නොමියෙයි නම හැම තැනකම මූලින් එයි

“SMOKIO”

යන හැමතැනම නම දිස්නෙයි

මුණගැසුනු සැනින් සියලු සතන් සිත් දෙයි

මුලින් කසුකුසුවයි පසු මුලසුන් හිස් වෙයි

හිසෙහි සිට පතුල් තෙක් ශ්‍රේෂ්ටත්වය දිස්වෙයි

සීයයි ලකුණු සීයෙන්

Previous Next

نموذج الاتصال