ගැම්මට බ්‍රෝ | Gammata Bro - Smokio

දුන්න පොරොන්දු මන් රැක්කා සහෝ

පතුලේ ඉදන් උඩරම නැන්ගා සහෝ

ඇත්ත වෙන්න බැරි හීන දැක්කා සහෝ

දැන් ඒ හීන ඇත්ත උනා දැක්කද බ්‍රෝ


වැනුනා මං දෙපැත්තට බ්‍රෝ

අවංක උනානම් උනේ ඇත්තටයි බ්‍රෝ

මං නවත්තන්නෑ ඩෝ

මං බැම්ම ගලෝගෙන

උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ


ගැම්මට බ්‍රෝ ///

උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ

ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ


ගැම්ම හිතේ ඉහ වහා ගිහින්

ඒක පෙන්නන්න දන්නෑ මං රහසින්

මං වින්දා දුක් හිටගද්දී

සැපක් උනා හීනේ දිනාගද්දී


සොයන් අබිමානෙන් හිත මාත් වී

ජයග්‍රහනය රස දිව ගාද්දී

ඇස් දෙක වැහුවා තිර පහත් වී

ගියා දෙපතුල් පොලව සිප ගද්දී


දැන් මට මල් මාල දානව

පාර වැහුව අතීන් ම

ගුන කියනවා දොස් කිව්ව කටීන්ම

දින්න හින්දා දැන් මං තමයි ගින්න

ඉන්න ඉන්න තව ආසලු දකින්න


උන් දන්නේ හිනාවෙන්න වරදිද්දී

දිනනවා කියලා හිතාගෙන පරදිද්දී

නරි වුර්ක හම දාගත්තා පිටින්

මං තනි කොටියා තාම පනපිටින්


ගැම්මට බ්‍රෝ ///

උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ

ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ


ලැබුන්නෑ එක පැයකින්

ලොතරැයියක් වගේ ඇදුන්නෑ එක රැයකින්

හිටපු තැන් පේද්දී ඈතින්

පණ පිටින් ඉන්න එකත් අරුමෙකි නොමැරී


සින්දා ඔපෑනි ගතී

නැත්නම් හැමදාම හොද ගෑනි බඩින්

මොනාද බඩගින්නට නොකෑවේ අපි

කොහොමත් යනව රිංගා කොතෑනින් හරි


නොසෑහෙන හිත් පෑරුනා

නොදෑනි අපි

ගොඩ එන්න මැරුනා නොමෑරි අපිත්

නොගෑවෙන රින් වෙන මඩෙන්

පත් ආකාරව ඉන්නේ ගෑවී නොගෑවී ලගින්


නොපෑහෙන හිත්

ඉන්න ඇති ගෑවී නොගෑවී ලගින්

ඈතින් නොගෑවී ලගින් දැන්

දැම්මොත් කැරි ගති

උලනවා ඒ කෑලි අතින්

අහුලන්න වෙයි ඒ කෑලි අතින්

උන්ට බෑ ඉන්න ලගින්


ඒ හින්දා මාව මැන්න සහෝ

පුදුම කතන්දර මැව්වා සහෝ

සමහර තැන් වල ඇන්දා සහෝ

සෙල්ලමක් නෙවෙයි මේක දැන් නම් සහෝ


ගැලපෙන්නැත්නම් වල දැම්මා සහෝ

අතීතේ වලේ දාලා වැහුවා සහෝ

දූවිල්ල ගසලා දැම්ම සහෝ


ගැම්මට බ්‍රෝ ///

උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ

ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ

Previous Next

نموذج الاتصال