හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි (ඇත්ත කර ගන්න ඕනි)
දැක්ක හීනෙන් කාටවත්ම හානියක් නොවෙන්නත් ඕනි
මිනිසාගේ විනාශයත් මිනිසාම වූ මේ අදම ලෝකේ
ජීවත් වීම නොවෙයි ගැටලුව බේරී සිටීමයි අභියෝගේ
හරි මොහොතේදී වැරදි කෙනා ගැලවේවී
නිවැරදි කෙනා රැඳේවී
හැම තැනකදී ම තිබ්බත් ඇද්ද පලක්
බැරිනම් ඉවසන්න බැරිම තැනේදී
පුදුමයක් නොවේ නියත ධර්ම තාවයයි
කරනදේට වන්දියක් ලැබේවි
උගුරට හොරෙන් බෙහෙත් බොන්න බැරි බව
පෙත්ත කටේ දියවෙද්දි දැනේවී
දර්මේ අනුව ඉපදීවී මැරේවී
කර්මේ අනුව මැරි මැරී ඉපදිවී
සුදුසුකම් නැත්තං මඟ ඇහිරේවී
සුදුසුනම් විශ්වයෙන් ඉඩදේවී
වත්මන් ලොව නිදහසත් හිරගෙකී
එක්තරා තැනකදී සිරවෙවී
රාමුව තුළ ජීවිත ප්‍රියවෙවී
සත්‍ය නොපෙනෙන්න ඇසි පියවෙවී
නුදුරේදී ඉතා නුදුරේදී
මනස වෙහෙසවන මිනිසුන් හිඟවේවී
සුළුවෙවී ඉතා පටුවේවී
චින්තනේ පරාසයන් හීන වේවි
මුඩුවේවි මිනිසා ඇතුළාන්තයෙන්
කලාවද හදවත් වලින් වියකෙවී
ඉතා සුළු දේකින් හිතා ඉන්න දේකින්
සංහතිය මිනිසාගේ නිමවේවි
විශ්වාස කරන්න එපා කාවවත්
සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
නාඩි කියලා අල්ලාවී මරු නිල
පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
කළුනික
වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
කළුනික
බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
කළුනික
මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
අළු ටික
පාර පැහැදිලියි මාත් එක්ක යන්
උඩුගං බලා පිහිනන
කාලේ ගොඩක් නාසිති කළානෙ විස ගහද්දි
දෙගුණයක් වේගෙන් ගහමුද
දැන් අපි ගහන ගේම හැමදාම
ඉර පායද්දී මායි උඹයි මහන්සි වෙලා
ආයෙත් ගමු නැති කරගත්ත හැමදේම
ඇදගෙන නාද්දි පෙරලෙද්දි බාල්දි
විශ්වාස ම එවුනුත් මාරුවෙවී කාටත් හොරෙන්ම
කවර කතාද
පරදුව තබාන්නේ මා පමණයි
තමාව තම දරුවාව ගෙන ලෝකෙට
රෝස මල් යහනාවක් පැතුවා නම්
මේ පාඩම අත්දැකීමක් ගන්නේ කොහෙද
මනාව රුවල හසුරවා
සැඩ සුළං මැද පදවයි ද නැව
ඉගන ගත්තනං පොතෙන්ම
කුඩා දරුවන් උනත් දෙයි ඉතා දාර්ශනික පිළිතුරු
ගැටලුව තමාගේ නොවේනම්
මීට වඩා ලෝකේ සාමකාමී වේ සාධාරණ වේ
අනිත් මිනිස්සු දකින්න පුලුවන්නම් ඔබෙන්ම
හිත් රවට්ටලා ලෝකෙම හසුරුවයි
විද්යුත් මාධ්‍ය මිත්‍යාවක් පතුරවයි
තිස්තුන් කෝටියක් දෙවියෝ වදින
මිනිස්සුත් බහුතරය කදුළු වගුරුවයි
හිස්වු මනස නොපිරුවොත් ඉක්මනින්
අපිත් රූකඩ වේ ප්‍රත්‍යක්ෂයි
ඉහළින් මවන දේ
අහන්නයි දකින්නයි කියන්නයි
ඉහළින් කරවන දේම කරන්න පමුණුවයි
විශ්වාස කරන්න එපා කාවවත්
සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
නාඩි කියලා අල්ලාවී මරු නිල
පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
කළුනික
වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
කළුනික
බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
කළුනික
මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
අළු ටික
පාර පැහැදිලියි මාත් එක්ක යන්
උඩුගං බලා පිහිනන