කොරේ පිටට මරේ | Kore Pitata Mare - Shan Putha

ඉනි කපා ගඟට දැම්මා

ගෙදර බල්ලත් කම්පට ගැව්වා

ටොම් පච පාඩම් කර කිව්වා

කේලං නෑ කිව්වේ…


අද මං හෙට ගැන කිව්වා

එදා මං එදා ගැන කිව්වා

ආදරෙයි බදාගෙන කිව්ව උං

කෙලවෙද්දී දිව්වේ…


ඔව් මල්ලේ…////


මම කොන්ඩේ නැති උන්ට පනා වික්කා

පරන එකා කෝ නෑ ඒ ගොනා වික්කා

ගනුදෙනු කරන්නෙ නෑ යාලුවොත් එක්ක

පොලව යටට අඩි හතක් මං දැක්කා


මං දැක්කා.. හැමදේ අත් දැක්කා…

මං එක්කා.. දැන් නෑ එක බල්ලෙක්වත්

මාමණ්ඩේ…. අල්ලන්නෙ බෙල්ලෙන්ම

තව පොඩ්ඩෙන් කරගහන්නෙ ගොං කෙල්ලෙක්ව


හුරේ පිට මරේ

වඳින්න ගිය දේවාලෙ වැටුනා කරේ

බෙල්ල ගියත් අපෙ උන් දානවා හුරේ

කටක් ඇරලා කියන්න පුලුවන් දෙවල් නෙමයි මල්ලි අපි කරේ


රවලා බලන්නෑ

ගියදේ ගියාවෙ ආපහු හැරිලා බලන්නෑ

අනුන්ගෙ කරත්ත වල නැගල බලන්නෑ

කපන්න බැරි අත ඉඹලා බලන්නෑ


ආයුබෝං ඕංරීං කට්ටු කට්ටු

දැං මහතයි ඒ කාලෙ පට්ට කෙට්ටු

රට්ටු කියයි උඹලනම් පට්ට පුත්තු

නයි පෙන කාලා හරි අපි පදමට වද්ද ගත්තු


අතේ “වත” නැත්තෙ

අපෙ යලුවො ඉන්නෙ කනත්ත පැත්තෙ

Policiya ලඟ නෑ අපෙ දත්ත ඇත්තෙ

ඒකයි කාසෙ හැදුනත් අපෙ උන් සද්ද නැත්තෙ


ආස පරිප්පු කරියට

කාලාතුරකින් මම එන්නෙ හොඳ සිහියට

නවත්තන්න එපා කවුරුත් අත දාපු පලීයට

MOST WANTED වගෙ පාගපං සීයට සීයට 100


ඉනි කපා ගංඟට දැම්මා…


අද මං හෙට ගැන කිව්වා…


ඔව් මල්ලේ…/////

Previous Next

نموذج الاتصال