යලි එන්න | Yali Enna Hithunada Sondure - Mahiru Senarathne

හිටියේ බලන්

මෙතුවක් කලක්

පෙරුමන් පුරන්

නොවෙදෝ ඉතින්


අහිතක් හිතන්

නෑ මං තවත්

කොහෙහෝ ඉඳන්

හිඳිනදෝ සුවෙන්


යලි එන්න හිතුනාද සොඳුරේ

කිමදෝ ඉතින් ආයේ නාවේ

නිවුනේ මගේ පුරුදු හීනේ

ආයෙ නොවේ හීන පැතුවේ


හමුනොවුනත්

හිමිනොවුනත්

ඉන්නම් බලන්

කිසිදා පෙම නෑ මැකුනේ


නුඹ කොයි උනත්

නුඹ මාගෙ නොවුනත්

ඇතිදෝ ඉඩක්

මාගේ නමින්


මතකයි අදත්

අපි හිනැහී එදත්

මාගෙ කියා

නුඹ කියූදා


අද නුඹ ටිකක්

මට නුහුරුයි උනත්

ආ ගිය තැන් රැඳිලා


මැකුනාද ඒ ආලෙ සොඳුරේ

හිනැහෙන්න පුලුවන්ද ආයේ

දුර යන්න ඇයි හේතු හිතුනේ

ලඟ ඉන්න එනවාද මාගේ


හමුනොවුනත්

හිමිනොවුනත්

ඉන්නම් බලන්

කිසිදා පෙම නෑ මැකුනේ


නුඹ කොයි උනත්

නුඹ මාගෙ නොවුනත්

ඇතිදෝ ඉඩක්

මාගේ නමින්

Previous Next

نموذج الاتصال