දවසක් | Dawasak - Tharindu Damsara

අසාදාරණ තීන්දුවකින් පිටුවහල්වෙන ලද

වැහිබිංදු කිහිපයක් කරනවා හිත ට හරියට වද

පැමිණිල්ල නම් ගෙරවිල්ල ළඟ හකුළුවාගෙන බඳ

පුරාණය තුළ කාලතරණය කෙරෙන දවසක් අද

දීර්ඝම ගමනකිය ඇරඹුණ මැනුම් කාළය ගුවන් 

අතර මඟ මුනගැසෙනු පුළුවන් ළිහිණියන්ගේ නුවන් 

ඒ හදිස්සියේ පහළ බැළුවොත් සංසිද්දිමය මුවන්

අපරාදේ යැයි සිතෙනමුත් මඟහැරුණු සමහර රුවන්

සැර පරුෂ රළු වදන් අවසන උරණවීලා හිරුගැන

වළාකුළු සැම බිම බලාගයි කොපුල් කළුපැහැ කරගෙන

ඉකිබිඳුම නම් අකුණු සැර ළඟ දෑස් හිමිහිට හැරගෙන

ඉඳ හිටක වැහි කඩාහැලෙනවා කවියක් දෙකක් අරගෙන

Previous Next

نموذج الاتصال