මතක අලුතින් ලියන්න | Mathaka Aluthin Liyanna - Udesh Indula

හිතුවෙ නෑ මන් කවමදාවත් 

නුඹව ආයෙත් දකින්න

හිතට හයියක් තිබුනෙ නෑ මට 

නුඹේ ඇස් මග හරින්න

එදා අපි ගිය පුරුදු පාරේ 

මටත් තිබුණා නොයන්න

අතර මගකදි හමුවුනේ ඇයි 

මතක අලුතින් ලියන්න

හිතින් නුඹ ගෙන මම ගියපු දුර 

නුඹත් හොදටම දන්නවා

ආදරේ අපි විදපු තරමට 

මගහැරුනෙ ඇයි හිතෙනවා

නුඹ තබාගිය මතක තවමත් 

නුවර හැමතැන තියනවා

අහිමි වුනුබව මතක් වෙනකොට 

අදත් මගෙ හිත රිදෙනවා

පරණ ලෙන්ගතුකම් සොයාගෙන 

එන්න බැරි බව දන්නවා

නතර වුනු තැන නතර වී මම 

අදත් නුඹ ගැන හිතනවා

දරාගත්හැටි මගේ හිත මම 

නුවර අහසම දන්නවා

අතහැරුණු හිත්වලත් ප්‍රේමයෙ 

ශේෂ වූ තැන් තියනවා

Previous Next

نموذج الاتصال