අහිමි සඳකට පෙම් කෙරූ
හිතක් ගලවා දමන්න
රැයක් නොනිදා හේතු හෙව්වා
ආදරේ මට දැනෙන්න //
හමා එන සුලඟටත් බැරි නම්
හිතේ ගින්දර නිවන්න
අහුල ගත්තොත් මගේ හදවත
හුස්ම ටික මගෙ රකින්න
අහිමි සඳකට පෙම් කෙරූ…
අතක් ගෙන එක සැදෑවක
දුර කල්පයක් හරි ගෙවන්න
හීන මගෙ ඔහෙ තිබුනාවෙ නුඹ
ඔහුගෙ ලෝකෙම රැඳෙන්න
අහිමි සඳකට පෙම් කෙරූ…
මලක් වී නුඹ පිපෙන ලස්සන
දුර ඉඳන් හරි බලන්න
හීනෙකින් හරි ඇවිත් පෙනියන්
ඒත් ඇති මට මියෙන්න
අහිමි සඳකට පෙම් කෙරූ….