මේ යාමේ විරාමේ
කාලේ නැවතී අකාලේ
මතකේ හා දවාලන් මේමා
ප්‍රේමේ කියු විමානේ
ගිනි දැල්වේ දෑස මානේ
කඳුලේ තව නිවාලන් මෙමා
අවතැන් වුනාදෝ
ආලේ මගේ නිස්කාරනේ
හිස්තැන් තබාදෝ මා ආදරේ කලේ
අවසන් වුනාදෝ ප්‍රේමේ
නුඹේ වස්සානයේ
කල් පිරුනාදෝ මේ ආදරේ අපේ
අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ
නුඹෙ මතකයේ මං ඔහේ පාවෙනා
ගොළුවී උන් මාගෙ හර්දේ දුන් විලාපේ
නුඹ නැති රැයේ දැන් ඇසේ මා වෙලා
ප්‍රේමේ පොතේ පටුනේ මා
මුදුනේ නුඹේ නම ලියලා
ඇරඹූව පෙම් හසුනේ
නෑ කෙළවරක් දැනුනේ
ලියවූ දහස් පිටුවල මා
සැනසූ හවස් වරු තිබුනා
ඇයිද තව නුඹ නාවේ
සනසන්න පෙර වාගේ
මේ යාමයේ දැනුණා ආයේ
ප්‍රේමේ නොවේ නුඹේ සන්තානේ
අවතැන් වුනාදෝ…
අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ…