අතීතෙ සිද්ද වෙන්නෙ දැන්
එදා මං අතින් ලියවුනු
පිරෙව්වා නොපිරුනු තැන්
ඒ කාලෙ අතපසු වුනු
බලද්දි අවසිහියෙන්
මගහැරුණු සලකුණු
මං ආව පාරේ
සියලු අන්තරාය දැවුනා අන්ධකාරේ
සියල්ල වෙනස් වීම තමයි ධර්මතාවේ
ස්වභාවදහමේ
මං මෙල්ල කරේ සුර දාලා
නෙවෙයි අසුරන්
එක පාඩමක් එක කඳුලක්
ලියවෙන පිටුවක් මගෙ කතාවේ
වචන ඇතුළාන්තෙන් ගැලපි ආවේ
කැපුනා වාවගන්න බැරි උන්
අසුභවාදි උන්
වැඩක් නෑ වැඩි උන් අවශ්‍ය මට ලැදි උන්
මානයක් නැති උන්
නිහතමානි ප්‍රාණ
පොළවෙ පය ගහන
දකින්න මේ සියලු මායා
මේ දේ දකින්න තමයි පෙරුම්
පුරන් ආවේ ආත්ම ගානක්
සියලු මායා..
මම නිමාකරන්නෙ ආත්මීය පැවරුම්
අකුණු පේලි දේවි ලංකාවම ගිගුරුම්
කැරකෙන්නෙ මගෙ ලෝකෙ වෙනම කක්ශෙක
කීකරුයි ඇස්දෙක
මායාව පටලාවි මනස ප්‍රශ්නෙක
තම තමන් තුළ – තව තවත් ගිනි
හිතන දේවල් වෙන්නෙ ක්‍රියාවලින් කැඩපත්
දැකලා අන්ත හිටගන්නෙ හරි මැද මං
කඩාවි Fantasy යථාර්ත බලපෑම්
ඇත්ත දකින දාට අත්හරීවි රඟපෑම්
දකින්න මනසෙන් අනාත්ම වූ
සියල්ල බලාත්මක නැති මමත්වෙ ඔටුන්න
ඒ දෝංකාර දුන්න සත්‍ය
ආත්මයන් තුළ ආලෝකෙ වෙත
ඇදෙන සූරියකාන්ත මෙන්
අවධි වෙන උන් ගැලවෙයි යාන්ත්‍රණෙන්
ඉවත් වෙයි ලෞකික කතාන්දරෙන්
දකින්න මේ සියලු මායා
මේ දේ දකින්න තමයි පෙරුම්
පුරන් ආවෙ ආත්ම ගානක්
සියල්ල මායා
කීකරු වෙන්න තේරුනානං..