අඳුරෙන් වෙන් වී
දුර පියඹාලා
සොයමින් යන්නම් මා
ආකාසේ
ගන මීදුම් රැල්
පට පීරාලා
සොයමින් යන්නම් මා
ආලෝකේ
ආකාසේ සඳ තරු නැති
රෑ යාමේ අඳුරේ ගිලී
තනිවී මා හිඳිනා තැනේ
ඈතින් ආලෝකේ මැවේ
හැඟුමන් පීදී
මා හඬවා ලා
ගැඹරේ රන්දා ලූ
හෝරාවේ
ළතැවුල් මතු වී
හදවත පාරා
ගිනි අවුලා ලූ මේ
වේලාවේ
ආකාසේ සඳ තරු නැති
රෑ යාමේ අඳුරේ ගිලී
තනිවී මා හිඳිනා තැන
ඈතින් ආලෝකේ මැවේ
මායාවක් දෝ මා සිතේ
සේයා ඇන්දූ සොම්නසේ
ආලෝකේ ආශා දැනේ
හමු වේ දෝ කවදා කෙසේ
ආකාසේ සඳ තරු නැති
රෑ යාමේ අඳුරේ ගිලී
තනිවී මා හිඳිනා තැනේ
ඈතින් ආලෝකේ මැවේ