වගෙ ටොලමි
මම හැදුවා මගෙම සිතියම්
නම් කළා පෑනකින් ගිනියම්
හදවත කිවුවා උබ නිවියන්
ආත්මෙට ගිලියන්
හදපන් විනයක් එනකන් දිනයක් එක
වෙනදේ බලන් ඉන්නෙ මගෙ ඇස් දෙක
රැප් මට වගෙ දැන් දෙවරක් දෙක
නිදහසෙ ඔසවන්නෙ මගෙ අත්දෙක
බැදිලා නෑ අත්දෙක කිසි අන්තෙක
වගෙ හර්කියුලිස් තනි මම
බැරි එව්න් ගහපියව් ඩිස් තව
ගහපියව් ඩිස් ලොකු මෝරු මරද්දි වෙනො
සාලයො මිස් ඒක නෝමල් මට
කෝමත් ගට තාමත් මට
ගලවන්න වෙයි කැ** දකුණතින්
ඔටුනූ වමතින් දාගත්තට
මම පිස්සෙක් හොලවන්නෙ තිස් එක් තලේ
Flows කඩනවා බිස්කට් වගේ
යටත් නොවී ගමන ස්වයිරී මගෙ
මමයි Boss, වදන් බිස්නස් මගෙ
හැකියාව සහජ, නෑ ව්‍යාජ, ඒ ලද ත්‍යාග
උපතීන්ම, නැ විවාද මතවාද මැදින්
තියන්නෙ පාද විද්‍යමාන කරයි
හිතන්නෙවත් නැති ස්වරූපයක්
නපුරු හීනයක් මම උබ තුලින් නැගෙන
ඇතුලතින් මැවෙන
ගැඹුරු නිහඩවීම් ප්‍රභලයි නොහික්මුනු
වචනෙට වඩා මං ආත්ම විස්වාසෙ
විස්වාස කරා රාජාලි කතවෙ මෙන්
අසීරුම කාලෙ මං සීරුවෙන්
දක්ශ නියමුවෙක් හදිසි කුණාටු
සමග පොර බදී වැටෙන්න නොදී මනස
ඒකාත්මික කරන් මං උගත් පාඩම්
ගොඩක් ඇති නැතත් කොමිසම්
කියයි යටි හිත උබ වෙයන් පරිස්සම්
අතීතෙ අතීතෙම කරලා මිහිදන්
අනාගතේ වෙත මම යනවා ඇවිදන්
ප්‍රතාපවත් හඩ විකල්ප හෝ වෙනත්
ආදෙශක නැත
උබ රෝගියා
මගෙ හඩට බය වීම ලෙඩක්
ඒකට කියන්නෙ inzanofobia