වේහාස | Vehaas - Prabhasha Weerasinghe x Nipuni Herath

අරුමැසි නුවන්

ආගන්තුක කම් දරා

කැඩපතක් වූ නුඹ එදා

මතකේ දල සේයා රූ ඇඳෙනා


අරුමැසි වදන්

අකාලික වේ ද යත්

ආගන්තුක වේ නමුත්

මතකයන්..


විසිරුණු කඳුලු අරන් වේහාසේ

මේකුළු දහසක මා සඟවන්නේ..රහසේ..

ගිලිහුණු කඳුලු දරන් වැහි ගානේ.. තෙමෙන්නේ..

සඟවන රහස නුඹේ … වේහාසේ


මන්දාරම් ශ්‍යාම වැස්සේ තෙමෙනවා

ස්වේත හීනයක නිදි වරනවා//


තිර පිටුපසින්

නිවාලූ ස්නේහයක්

කුරුටු ගෑ සන්තාපයන්

ගෙනේ යලි මේලා හද අවුලා


දෑතින් නැතත්

වැළඳගත් සන්තාපයන්

හිරුණු සැමරුම් ළඟ නුඹත්

කැඩපතක්…


විසිරුණු කඳුලු අරන් වේහාසේ

මේකුළු දහසක මා සඟවන්නේ..රහසේ..


ගිලිහුණු කඳුලු දරන් වැහි ගානේ.. තෙමෙන්නේ..

සඟවන රහස නුඹේ … වේහාසේ


මන්දාරම් ශ්‍යාම වැස්සේ තෙමෙනවා

ස්වේත හීනයක නිදි වරනවා…//

Previous Next

نموذج الاتصال