Verse
බලනා සොබනා නෙත්
දිලෙනා මේ රූමතී
රුවිනා සොඳිනා දුටු
දනන් කරන්නා වශී
කුමාරයෝ දකිනා සඳ
මුවා වෙලා බලනා
මේ සුරංගනාවියෝ වගේ
අවුරුදු කුමාරියෝ
අවුරුද්දේ සාස්තරේ
කෝකිලයෝ කියාපන්
Verse
මල් රෙද්දේ මෝස්තරේ
ලැසි ගමනින් මවාපන්
රැල් පද්දා කොණ්ඩ ගහේ
ඉන පහළට කඩාපන්
අරුමැක්කේ බලාපියව්
නුවරත් නැති කුමාරියන්
රුක් අත්තන මලට වහපු
ලස්සන බට්ටිත්තා
Verse
නිල් කටරොඩු මල්
අස්සේ පිපිලා වතුසුද්දා
සමන් පිච්ච ඕලු නෙලුම්
මානෙල් ගැටපිච්චා
කොයි මලටද සමකළ
හැකි මේ සුකුමල අක්කා
නොබලා නුඹලා දෙස
යනෙනා කවුරුත් නැතී
Verse
නොහෙලා නොපියා ඇස්
කෙවෙනි රිදෙනවත් ඇතී
කුමාරයෝ දකිනා සඳ
මුවා වෙලා බලනා
මේ සුරංගනාවියෝ වගේ
අවුරුදු කුමාරියෝ
අවුරුද්දේ සාස්තරේ
කෝකිලයෝ කියාපන්
Verse
මල් රෙද්දේ මෝස්තරේ
ලැසි ගමනින් මවාපන්
රැල් පද්දා කොණ්ඩ ගහේ
ඉන පහළට කඩාපන්
අරුමැක්කේ බලාපියව්
නුවරත් නැති කුමාරියන්