ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා - atha waniiye guru gei | Abeywardana Balasooriya

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝරෙගලා
ඔය උණුහුම මට දැනුනේ දෝස නසා

රේණු සුවද අහසට බොදවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයිනම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්

ඈත වන්නියේ.....

හීන හදට තරුවක් වී නැතිවේ නම්
රෑපුරාම ඇයි ඇහැරී සැගවීයන් 
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඩා නිදි හීනෙට ඉඩදීපන්

ඈත වන්නියේ.......
Previous Next

نموذج الاتصال