සිහිවටනය සේ කුමක් ලියන්නද - sihiwatanaya se kumak | Abeywardana Balasooriya

සිහිවටනය සේ කුමක් ලියන්නද 
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි රහසින් කුමක් ලියන්නද 
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ ..//

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේකා සුහද පැතුම් ...//
ඔබේ නුවන් මත කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරලේ
අපි හමුවූයෙමු සුහද සිතින් ..//
එවන් අපේ පොඩි කතන්දරේ අද
ලියා තියන්නද සොඳුරු ලඳේ

සිහිවටනය සේ ...//
Previous Next

نموذج الاتصال