හද විමන් දොරින් - hada wiman dorin | Angeline Gunathilake

හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා..

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා..

සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා..

හද විමන් දොරින්..

මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා..

හද විමන් දොරින්..

මල් උයන් තුලින්..
Previous Next

نموذج الاتصال