මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝ
දිළි දිළි දිළි දෙනෙතේ නුරා කැන් දිළේ
සැලි සැලි සැලි දෙතොලේ සිනා කැන් සැලේ
රැදි රැදි රැදි තුරුලේ වෙලි පෙම් බදේ
බැදි බැදි බැදි වෙසෙමී සදා කල් ප්‍රියේ
මනහාරී වනරේඛා යාවී පාවේ
මනලෝලි බිගු දෑලේ පෙම් ගී රාවේ
මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝ
පෙණ රැළි රැළි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකේ හැගුම් යා කෙරේ
රස සිතිවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වු පෙම් ලෝකේ
මදුරාවී ඔබමාගේ මේ සංසාරේ
මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝ