කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි
ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි
දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි
ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි
ප්‍රේමය ගැන ගී ලියන්න සවිය දුන් ඔබයි
ප්‍රේමය ගැන කියා දුන්නෙ ගීතයක් ලෙසයි
සියුම් හදේ නැවුම් සෙනේ කුසුම පුබුදුවයි
යනෙන තැනේ සුවද ඔබේ පවන මට ගෙනෙයි
සසර පුරා ලියූ එකම කවිය ඔබ ගැනයි
ඒ කවියේ පද අතරේ ඇත්තෙ අපෙ පෙමයි
සසර පුරා තැනී එකම ගීය ඔබ ගයයි
ඒ ගීයේ රස මැවුනේ ඔබේ පෙමටමයි
