මා පැළදුව ඔය මංගල මුදුව - ma peladuwa oya mangala | Ajith Muthukumarana

මා පැළදුව ඔය මංගල මුදුව 
අපේ ආදරයේ මතක සැමරුම 
සඟවාගෙන ඔබේ අතැගිලි අතර 
ඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල 

මල් සුවඳ කියා දුන් ඔය දෑසේ 
ලස්සනටම යයි තරු කැට අහසේ 
වෙන්වෙලා ගියත් ඔබ හොර රහසේ 
මට මතක් වුණා අපේ ඉතිහාසේ 

ආදරයට හුරු පුරුදු කල ගති 
පව් කරන්න ඇති ඔබට මට බැඳී 
ගිණි ඇවිළෙන සිරි යහන නැ පලි 
මේ කුලගෙය දැන් පාලු සොහොනකි 
Previous Next

نموذج الاتصال