මගේම චිතකය ඇවිලී අළුවී - magema chithakaya alu wi | Amarasiri Piris

මගේම චිතකය ඇවිලී අළුවී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියානම් වැලපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරනම ඒ විලසයි.....

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක් හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි.....

මගේම චිතකය ඇවිලී අළුවී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි
Previous Next

نموذج الاتصال