මීදුමක් වෙලා එතෙන්න මා වටේ - meedumak wela ethenna | Ajith Perera

මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මාගමින් ඇවිත් ඉදිද්දි මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක්......

සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගෙ පාලුපාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගේ ඔබටත් ලදේ....

මීදුමක් ......

දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ 
ලංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ 
පන වාගෙ මගෙ ආදරේ 
සුරකින්නෙ මා නම් ලදේ...

මීදුමක්........
Previous Next

نموذج الاتصال