සඳ එළිය ගලා එන රාත්‍රියයි - sada eliya gala ena | Asanka Priyamantha

සඳ එළිය ගලා එන රාත්‍රියයි 
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි 
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි 
ඒ උනත් සමුඅරන් යා යුතුමයි 

ඇඟිලි පටලා...... සිටිය කාලේ...... 
අපිව දුර නෑ........ කියා දැනුණේ....... 
තනුව උදුරා....... සොඳුරු ගීතේ....... 
දවස ඇයි මේ....... නපුරු වූයේ........ 

සඳ එළිය ගලා එන.................. 

කඳුළු පිරුණූ........ දෙනෙත ඔබගේ...... 
බලන්නට බෑ........ දුකයි දැනුණේ....... 
අහිමි වූවා....... ප්‍රථම ප්‍රේමේ..... 
කඳුල පමණී...... උරුම සෙනෙහේ..... 

සඳ එළිය ගලා එන...............
Previous Next

نموذج الاتصال