සොඳුරිය කාලය කොතරම් නපුරුද - soduriya kalaya kotharam | Amarasiri Piris

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහි⁣⁣නෙකවත් නැත
ඒ රුව ⁣කොතරම් මිහිරිද සොඳුරිය 

ලොවට හොරා විළිලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය 
Previous Next

نموذج الاتصال