විහඟ කොදෙව්වෙන් ඇවිදින් - wihaga kodewwen awidin | Amarasiri Piris

විහඟ කොදෙව්වෙන් ඇවිදින් 
සමනළ වැව හැඩ කරනා සියොතුන් 
ගයනා පෙම් ගී තාලෙට 
බෙලිහුල් ඔය දිය නටනා 

දෑතේ පැටලී සමනල් රෑනක 
ආදර කඳු නගිනා
මිහිඳුම් සලු දිග හැරනා යාමය 
අපට දුරයි සිතුනා 

සරසවි අහසේ ඇදුණු වළාවක 
මා පෙම් කව සඟවා 
එවන්න බෑ මට සොදුරිය ඒ කව 
සිහින දුරයි සිතුනා 

ගායනය - අමරසිරි පීරිස් 
පද රවනය - ඉන්දු හේරත් 
සංගීතය - ඩැනියස්ටර් පෙරේරා
Previous Next

نموذج الاتصال