වියරුවෙන් ගිනියම් වෙවී
හිත දැවූ සැඩ හිරු මමයි
රුදුරු ගිනිදැල් නිවාලූ
අහිංසක සඳ දිය නුඹයි
ඉමක් නොපෙනෙන සමුදුරේ
උදම් වූ දළරල මමයි
නිවා සරතැසසිසිල දුන්
සුනිල වූ දියදර නුඹයි
පෙරළෙනා ජීවන පිටේ
අකීකරු පද වැල මමයි
සදාතන ස්නේහෙන් ලියූ
ජිවිතේ එළිවැට නුඹයි
වියරුවෙන් ගිනියම් වෙවී
හිත දැවූ සැඩ හිරු මමයි
රුදුරු ගිනිදැල් නිවාලූ
අහිංසක සඳ දිය නුඹයි