රාත්‍රියට ඇති අරුමය කිමැයි සිතා
බලා සිටියා මම තනියම අහස දිහා
අන්ධකාරේ පහසක තුරුළු වෙලා
හඳ එලිය වින්දේ තනියම
තරු ගනන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම
ආත්ම දහසක උරුමය ඔබයි සිතා
බලා හිටියා තව භවයක් ඇතයි කියා
මං මුලාවූ හැඟුමක තුරුළු වෙලා
ගව් ගනන් දුර ආවේ තනියම
දින ගනන් කෙරුවේ තනියම
එදින නොඑනා බවද දැනගෙන
කඳුළු බිඳුවක් වැටුනේ තනියම
රාත්‍රියක ඇති අරුමය කිමැයි සිතා
බලා හිටියා අපි දෙතැනක අහස දිහා