දුර යන්න අපි පිං කෙරුවා ඇති
කෙල්ලෙ ඔඹ හදිසි වුණා වැඩි
මම තාමත් දන්නේ නෑ කොතනද වැරදි
මම නොදනිමි
අපි දැක්ක හීන මේ ලෙස මග නවති
මම හීනෙකින්වත් දැක තිබුණේ නැති
ඔබ මා හා ගෙවුව දින ගණනට ස්තූති
මම නවතිමි
එපා යන්න කියා කියන්න මට අද
අවසර නෑ
මගේ කියන්න පෙමින් බැදෙන්න ඔබ අද
මං ගාව නෑ
නුඹ නැත්නම් මට ඉන්නට නම් බැරි
ඔබ කිව්ව වාර අමතක වෙන්නේ නැති
අපි ආදරේ හොයා ගෙන ගිය හැටි
අමතක නැති
මම ලිව්වෙ නැති ගීයක අග ඇති
තිත් පේළි උඩ ඔබේ අත්සන වැටි
අපි එක්ව තැනු හැම දේ යයි බිදි
සුනුවිසුණු වී
එපා යන්න කියා කියන්න
ඈතින් ඈතට ඔබ යන ඒ මග
බලාන ඉන්නවා අද මම තවත් මුකුත් නොකියම
එපා යන්න කියා කියන්න //
