බෝවල මැණිකේ | Bowala Manike - Subee ft. Kethaki Surawiera

බෝවල මැණිකෙගෙ වැඩිමල් දියණිය

ලබන මාසෙ දීගයක දෙතී

ඒ මදිවට තව බාල කෙළීටත්

ගුරුදෙණියෙන් කටයුතු අසතී

මගේ එකීටත් ලොකු උණ දා සිට

මගුල් ඇසූ මුත් තව නෑතී

කොපමණ මේ රට පිරිමින් සිටියත්

ඒකී ගන්නට කෙනෙක් නැතී


අප්පගෙ අඹුවට මාව එපා වී

කලුවර රැයකදි පිට කෙරුවයි

පහු දා කැලයෙන් ලී දඬු ගෙනැවිත්

ගෙයක් තනන්නට මට සිතුනයි

විසි විය ලැබිලත් අඹුවක් නැති කොට

ගෙයක් කුමටදැයි මට සිතුනයී

කලු මාමගෙ දුව ගන්නට ලැබුනොත්

අඹුවත් ගෙදරත් එක ළඟමයි.

Previous Next

نموذج الاتصال