එහෙම දේවල් නෑ හිතේ මගේ - Ehema Dewal Na Hithe Mage | Dhanith Sri

එක රැයකට නුඹ මගේ කරගෙන
කාසි වලට මං කොහොම මනින්නද
නුඹව හඬවන නුඹව රිද්දන
එහෙම දේවල් නෑ හිතේ මගේ

කරකාර බැඳගෙන මගේ කරගෙන
නුඹ සිරකරගෙන හීන මවන්නට
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට
එහෙම දේවල් නෑ හිතේ මගේ

අයිතිවාසිකම් නැති නිවහල් වූ
සෙනෙහස ගලනා මනසක් ඇති වූ
මිනිසුන් බිහිවූ පොලොවක් නම් මෙය
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද
ආදරෙ කියලා හිත පිළිගන්නට
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද
තණ්හා,ආශා නුඹගැන මොකටද
එහෙම දේවල් නෑ හිතේ මගේ
Previous Next

نموذج الاتصال