හමුවී - Hamuwee | Amila Kavinda

ලෝකයේ වටිනා යම් කෙනෙක් වේනම්
ආදරේ කරනා ඒ ඔබයි අදටත්
හමුවී පෙර සේ ලබනා භවයේ
ජීවිතේ අරඹමු වෙන් නොවී ආයේ

දිළිසෙන සෑම දේම රත්තරන් නොවේ කියා
දන්න හින්දා සත්සුදක් ලෙසින් ඔයා
සතුටින් ඉන්න මාගේ ආයුෂත් සිතින් දරා
ජාති ජාති සෑමදා හිනා වෙලා

කදුලක් කදුලක් ගානේ අදටත් මට සිහිවන්නේ
ඔබමයි සංසාරේ ගෙවෙනා තුරා
සුරපුරයක් වේවා මේ ජීවිතේ
මම නැතුවත් පෙරසේ නෙත් මායිමේ 

දිළිසෙන සෑම දේම රත්තරන්

දවසක් ඇවිදින් ආයේ තුරුලේ දැවටි මාගේ
ඔබ හිටියොත් දුරුවේ සංවේදනා
තනියක් නොදැනේවා මා රන් කදේ
ඔබ ඉගිලි තනනා නව කුඩුවේ

දිළිසෙන සෑම දේම රත්තරන්

ලෝකයේ වටිනා යම්

දිළිසෙන සෑම දේම රත්තරන්
Previous Next

نموذج الاتصال