එක යායේ කකා වැටී | Eka Yaye Kaka Wati - Sunil Edirisinghe, Edward Jayakody, Bandula Wijeweera

" style="display: none;" />

එක යායේ කකා වැටී

එකා වගේ එකට හිටී

එක පවුලේ උපන් ලෙසේ

කල අරක්සා…

නාස් ලණුව දමනවාද

කරත්ත්‍යක බදිනවාලු

අපට හිටිය ලපටි කැකුළු

නාබර වස්සා…


ගෙට ආකල ටිකිටි ලියා…

උඹ වේවිලු කඹර ගොයා…

ළිදට ගියත් අවසරයක්

ගන්නට වේවී…

දළ ගලවා

අතේ තියා…

නුඹ නටවයි

ඒ ළමයා

පනවාලා දරුණු දණ්ඩ බන්න නීති…


වලට වැටුනු එකා යකා

වලටම ඇද ගනු මිසකා

වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති…

නෑදෑ හිතවතෙක් නැති

ඒ ගැන හිතුවොත් යෙහෙකි

කසාදෙ නම්

කසාය හරි තිත්ත බෙහෙතකි..


එක යායේ කකා වැටී

එකා වගේ එකට හිටී

එක පවුලේ උපන් ලෙසේ

කල අරක්සා…

නාස් ලණුව දමනවාද

කරත්ත්‍යක බදිනවාලු

අපට හිටිය ලපටි කැකුළු

නාබර වස්සා…

Previous Next

نموذج الاتصال