හිනාවට ආදරේ හිතුන - Hinawata Adare Hithuna | Aruna Panvilage

ආදරය පාරා   විසිකෙරුවේ පාගා
සත්තකින් වැරදි නොකළ මා   අහකටම දාලා
සංසාරේ පැතුවා   ගැටගැහෙන්න ඔබහා
පිළිගන්න බෑ එදා කලේ   බොරුවක්ද කියලා

හිනාවට ආදරේ හිතුන   ඇස්කොනෙන් මා දිහා බැලුව
ඉගියකින් හිතම කිතිකැව්ව   රත්තරං ඒ නුඹම නේද //

යන තැනක යන්න   බෑනේ අල්ලන්න
සතුට ඇති තැනක   ආදරෙන් ඉන්න
ඔහුගේ තුරුලේම   පැතුවේ එය නේද
මගේ ආදරය   නිතර වැටහෙයි
කාලයත් එක්ක   ඔබම දුක් වෙයි
ආයේ නොම එන්න   ආයේ නොම එන්න

හිනාවට ආදරේ හිතුන   ඇස්කොනෙන් මා දිහා බැලුව
ඉගියකින් හිතම කිතිකැව්ව   රත්තරං ඒ නුඹම නේද //

ආදරය පාරා   විසිකෙරුවේ පාගා
සත්තකින් වැරදි නොකළ මා   අහකටම දාලා
සංසාරේ පැතුවා   ගැටගැහෙන්න ඔබහා
පිළිගන්න බෑ එදා කලේ   බොරුවක්ද කියලා

හිනාවට ආදරේ හිතුන   ඇස්කොනෙන් මා දිහා බැලුව
ඉගියකින් හිතම කිතිකැව්ව   රත්තරං ඒ නුඹම නේද //

Previous Next

نموذج الاتصال