පුරා හඳ ආයේ නොනැගේදෝ
පායා ඉන්න මගේ අහසේ
හඬා වැටෙනා මගේ නෙත් හෙව්වා
කොහේ නුඹ ඉන්නේ මේ ලෝකේ
තනිවුනු මගේ හිත තිස්සෙම හැඬුවා
වැලපෙන මතයකය තනියට උන්නා
භවයේ හීනපුරා පණ සේ රැඳුනා නේ //
පෙම් ගීත ලීවේ
නුඹේ නමටයි මාගේ ළඳුනේ
කීවාට කම් නෑ හීන අතරෙයි මා උන්නේ
දෛවය උරුමය හිමි වීලා ලෝකේ අද මට එරෙහි වෙලා
නුබේ නිල් නෙතු යුග අහිමි උනේ භවයේ පිං මදිවත් දෝ
මේ කඳුළු ගංඟා මගේ දොරේ ගලා යද්දී නුඹ හිනැහීලා උන්නා
සිහිනයේ මැවෙවී
මම මුලින් ආවේ
ගාමිණී වාගේ රෑ මේ
මාලිණි වාගේ වෙනවද ප්‍රේමි දිදුලන හඳ පානේ
දුටුදා උණවටුනේ වෙලිලා පෙම් දැහැනේ
සීමා මායිම් බිඳදා රැල්ලේ වැල්ලේ මත් උනේ
තහනම් ගහේ පල මට නෙලන්නට බෑනේ
අනංගයා මට විද්ද හීය වැරදිලා වැදුණේ
අසම්මත ප්‍රේමේ අපේ හෙට මුල් පිටුවේ
පැටලුනා දැලේ නෑ දුර දිග බැලුවේ
කේන්දර බැලුවේ අපි බොහොම පමා වෙලා
ලන්තෑරුමේ එලි න නොදැනීම නිමා වෙලා
පිහිණුවේ ගලන ගඟේයි උඩුගම් බලා
පුරා හඳ නැහැ අද අඩ අඳුරට වෙලා
මතකයි ඈත කාලේ සීත ඉව්රේ තුරුළු වීලා
සොඳුරුයි නේද ළඳුනේ ළගම ඉද්දිත් හාදු දීලා
කෝ අද ඒ කිවූ බොළඳ කතා හිස මත දිව්රපු මොහොත පවා
කඳුලක් තනියට ඉතිරි උනේ භවයේ පිං මදිවත් දෝ
මේ කඳුළු ගංඟා මගේ දොරේ ගලා යද්දී නුඹ හිනැහීලා උන්නා
සිහිනයේ මැවෙවී
පුරා හඳ ආයේ
