Husmak Tharamata - Dilki Uresha

ආදරය හරියට

සුළග වගේ

හදවත නිවන්න වගේ

හදවත දවල අළු කරන්නත්

ආදරයට පුළුවන්


ඇහිපිල්ලමක්

යට ඔබව තියලා

රැකගත්තේ මං

මගේ නේද කියලා


එක මොහොතකින්

මගේ හිතම හොල්ලා

ඈතටම ගියේ

ඇයි මාව දමලා

ආදරෙයි ඔබට මං රත්තරං


හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්න

ඔබ නැති ජීවිතයත් මා

හීනෙන්වත් නෑ දැකලා


කවදත් වගේ

ඔබ භාවනාවක්

මට ඔබ තරම්

නෑ දැනුනේ කාවත්

ඇබ්බැහිවෙලා මම ඔබට තාමත්

ඔබ නැති හෙටක් මට නම් අපායක්

ආදරෙයි ඔබට මං රත්තරං


හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්න

ඔබ නැති ජීවිතයත් මා

හීනෙන්වත් නෑ දැකලා


මුලු ලෝකයක්

පීරාලා සෙව්වත්

මේ මං තරම් ආදාය කවුරුත්

හමුවෙන්නෙ නෑ මේ අහස යට නම්

අපි ආදරෙන් එක් වෙමුද ආයෙත්

ආදරෙයි ඔබට මං රත්තරං


හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්න

ඔබ නැති ජීවිතයත් මා

හීනෙන්වත් නෑ දැකලා

Previous Next

نموذج الاتصال